සූර්ය ගිනිදැල් නිසා භූමිකම්පා - මවිත : Mawitha.com : All the latest Sri Lanka and world breaking news and current affairs in Sinhala

Hot

Stay Safe

Mar 7, 2026

සූර්ය ගිනිදැල් නිසා භූමිකම්පා

සූර්යයාගෙන් නිකුත් වන ශක්ති ධාරා හෙවත් ‘සූර්ය ගිනිදැල්’ (Solar Flares) පෘථිවියේ ඉහළ වායුගෝලයේ, ලස්සන ‘අරෝරා’ (Aurora) ආලෝක ධාරා නිර්මාණය කරන බව අප දන්නා කරුණකි. 

දැන් විද්‍යාඥයන් අලුත් අදහසක් ඉදිරිපත් කර ඇත. ඒ,‘සූර්ය ගිනිදැල්’ සහ සූර්යයා මතුපිට සිදුවන පිපිරීම්, පෘථිවිය මත හටගන්නා භූමිකම්පා කෙරෙහි ද බලපෑමක් ඇති කළ හැකි බවය. 

සූර්ය ගිනිදැල් පෘථිවිය දෙසට පැමිණෙන විට, පෘථිවි වායුගෝලයේ ඉහළ ස්තරයක් වන ‘අයනගෝලයේ’ (Ionosphere) ඇති විද්‍යුත් ආරෝපිත අංශු කෙරෙහි බලපෑම් එල්ල කරයි. 

විද්‍යාඥයන් පවසන පරිදි, මෙමගින් පෘථිවි පෘෂ්ඨය තුළ ඇති විද්‍යුත් බලවේගයන්හි සියුම් වෙනස්කම් ඇති කළ හැකි අතර, ඒවා භූමිකම්පා ඇති වීමට ඉඩකඩ ඇති භූ තැටි මායිම්වල ස්ථායීතාව කෙරෙහිද බලපායි. 

මෙම සබඳතාව විද්‍යාත්මකව තහවුරු වුවහොත්, පෘථිවිය අවට අභ්‍යවකාශ කාලගුණය භූමිකම්පා අවදානම කෙරෙහි බලපාන ආකාරය පිළිබඳ නවමු අවබෝධයක් ලබා ගැනීමට හැකි වනු ඇත. 

ලුසිත ජයමාන්න 
Live Science ඇසුරිනි

Classified_Ad