සීනි කෑම හොඳටම වැඩියි - මවිත : Mawitha.com : All the latest Sri Lanka and world breaking news and current affairs in Sinhala

Hot

Stay Safe

Mar 7, 2026

සීනි කෑම හොඳටම වැඩියි

ශ්‍රී ලංකාවේ සාමාන්‍ය පුද්ගලයකුගේ වාර්ෂික සීනි පරිභෝජනය, ලෝක සෞඛ්‍ය සංවිධානය (WHO) නිර්දේශ කරන මට්ටමට වඩා තුන් ගුණයකටත් වඩා වැඩි වී ඇති බව දන්ත ශල්‍ය වෛද්‍ය චන්දන ගජනායක මහතා පෙන්වා දෙයි. 

ලෝක සෞඛ්‍ය සංවිධානයේ නිර්දේශයන්ට අනුව නිරෝගී පුද්ගලයකු වසරකට පරිභෝජනය කළ යුත්තේ සීනි කිලෝග්‍රෑම් 10ක් වැනි ප්‍රමාණයකි. එසේ වුවත් වත්මන් දත්තයන්ට අනුව ශ්‍රී ලංකාවේ සාමාන්‍ය පුද්ගලයකු වසරකට සීනි කිලෝග්‍රෑම් 34ක් පමණ ප්‍රමාණයක් ශරීරයට එක්කර ගන්නා බව මාධ්‍ය හමුවක් අමතමින් දන්ත ශල්‍ය වෛද්‍ය චන්දන ගජනායක මහතා පෙන්වා අවධාරණය කර ඇත. 

 අධික සීනි භාවිතය විදුරුමස් රෝග ඇතුළු දන්ත රෝග ශීඝ්‍රයෙන් ඉහළ යාමට ප්‍රධාන හේතුවක් වී තිබේ. මෙරට වැඩිහිටි ජනගහනයෙන් සියයට 50 ක්ම, එනම් සෑම පුද්ගලයන් දෙදෙනකුගෙන් එක් අයකුම යම් ආකාරයක විදුරුමස් රෝගයකින් පීඩා විඳින බව පැවැසෙයි. 

මාර්තු 10 වනදා ආරම්භ වී නොවැම්බර් මාසය දක්වා ක්‍රියාත්මක වීමට නියමිත ජාතික මුඛ සෞඛ්‍ය සමීක්ෂණය පිළිබඳව දැනුවත් කිරීම සඳහා පැවැති මාධ්‍ය හමුවේ දී, වෛද්‍ය චන්දන ගජනායක මහතා මේ බව පෙන්වා දුන්නේය.

Classified_Ad