
මනුෂ්‍ය කටහඬ යනු හුදෙක් සන්නිවේදන මෙවලමක් පමණක් නොව, එය ශරීරයේ අභ්‍යන්තර ක්‍රියාවලීන් පවා පාලනය කළ හැකි ප්‍රබල උත්තේජකයකි.
ඇමෙරිකන් විද්‍යාඥයන් පෙන්වා දෙන්නේ, කාන්තාවකගේ කටහඬට පිරිමියකුගේ ස්නායු පද්ධතිය සන්සුන් කරමින් මානසික ආතතිය සැලකිය යුතු ලෙස අඩු කිරීමේ ස්වාභාවික හැකියාවක් පවතින බවය. මෙය හුදෙක් හැඟීම්බර තත්ත්වයකට වඩා එහා ගිය, මොළයේ ක්‍රියාකාරිත්වය හා බැඳුණු ගැඹුරු විද්‍යාත්මක ක්‍රියාවලියක් බව විද්‍යාඥයෝ පැහැදිලි කරති.
ඇමෙරිකාවේ විස්කොන්සින්-මැඩිසන් විශ්වවිද්‍යාලයේ ද බ්‍රේන් මේස් ලැබ් පර්යේෂණාගාරය මගින් සිදු කරන ලද පර්යේෂණවලට අනුව, කාන්තාවකගේ කටහඬ ශ්‍රවණය කිරීමේදී පුරුෂයන්ගේ හෘද ස්පන්දන වේගය පහළ යන අතර කාංසාව (Anxiety) දුරු වන බව නිරීක්ෂණය වී ඇත.
කටහඬේ ඇති මෘදු බව, ස්වර පරාසය සහ ඇතැම් ශබ්ද තරංග මගින් මොළයේ සතුටු හෝමෝන ලෙස හැඳින්වෙන ඔක්සිටොසින් වැනි රසායනිකයන් මුදා හැරීමට බලපෑම් කරන බව මෙහිදී තහවුරු වී ඇත.
මෙම ක්‍රියාවලියේදී සිදුවන්නේ කටහඬේ ඇති විශේෂිත ගුණාංග මගින් මිනිස් ස්නායු පද්ධතියේ පවතින සටන් කිරීම හෝ පලා යෑම (Fight or Flight) යන ආතති ප්‍රතිචාරය අඩපණ කර, ඒ වෙනුවට ශරීරය සැහැල්ලු කරන පැරසයිම්පතටික් (Parasympathetic) ස්නායු පද්ධතිය ක්‍රියාත්මක කිරීමය. මෙහි ප්‍රතිඵලයක් ලෙස රුධිර පීඩනය සමනය වීම සහ මාංශ පේශි ලිහිල් වීම වැනි භෞතික විද්‍යාත්මක වෙනස්කම් රැසක් ශරීරය තුළ සිදුවෙයි.
සොබාදහම විසින් මිනිස් මොළය හැඩගස්වා ඇත්තේ ශබ්ද තරංග මගින් හෝමෝන මට්ටම් පාලනය කිරීමට හැකි වන පරිදිය. මෙම පර්යේෂණ මගින් සනාථ වන්නේ කාන්තාවකගේ කටහඬ සතු සන්සුන් කිරීමේ බලය, මානසික සුවතාව සහ සාමකාමී සමාජීය බැඳීම් පවත්වා ගැනීමට ඉවහල් වන ප්‍රබල ජීව විද්‍යාත්මක සාධකයක් බවය.
ලුසිත ජයමාන්න
Live Science ඇසුරිනි