මේ රූපයේ දකින්න ලැබෙන්නේ පොඩි දරුවකු ඇදපු බලි කුරුටු චිත්රයක් නොවෙයි. ඔබ මේ දකින්නේ ඉලෙක්ට්රෝන අන්වීක්ෂයකින් ලබා ගත් නීග්ලීරියා ෆව්ලරි (Naegleria fowleri) නමැති ඒක සෛලී ඇමීබා විශේෂයයි.
උණුසුම් මිරිදිය ජලයේ සහ පසෙහි ස්වභාවිකව ජීවත් වන විකෘති වූ මුහුණක පෙනුමක් ඇති මෙම ක්ෂුද්ර ජීවියා නාසය හරහා මොළයට ඇතුළු වුවහොත් පරයෝෂිතයකු ලෙස මොළයේ පටක වේගයෙන් විනාශ කරයි. ‘මොළය කන ඇමීබා’ ලෙස මේ ජීවියා හැඳින්වෙන්නේ එබැවිනි.
ලුසිත ජයමාන්න
Live Science ඇසුරිනි
