ශ්රි ලංකාවට යටින් කිලෝමීටර් 100ත් 200 ත් අතර ගැඹුරක, විශාල පුරාණ පාෂාණ ව්යුහයක් ඇතැයි චින, ප්රංශ සහ පේරාදෙණිය විශ්වවිද්යාල පර්යේක්ශකයෝ පිරිසක් පවසති.
භු කම්පන මධ්යස්ථාන 33 කින් ලබාගත් දත්ත විශ්ලේෂණය කිරීමෙන් මෙම ව්යුහය හඳුනා ගෙන ඇති අතර එය වසර මිලියන 500කටත් වඩා පැරණි පුරාණ සාගරික භු තැටියක කොටසක් විය හැකි බව විද්යාඥයෝ පැහැදිලි කරති.
මෙම පුරාණ සාගරික භු තැටිය විවිධ හැල හැප්පීම් හේතුවෙන් පෘථිවිය අභ්යන්තරයට ගැඹුරින් තල්ලු වන්න ඇතැයි ද පැවැසෙයි. මෙම භූ විද්යාත්මක ක්රියාවලිය සිදුවී ඇත්තේ අතීතයේ ‘ගොන්ඩ්වානා’ නම් දැවැන්ත මහා මහද්වීපය බිහිවීමේ මූලික අවධියේදීය.
අතීතයේ අද අප දකින අප්රිකාව, දකුණු ඇමෙරිකාව, ඉන්දියාව, ඇන්ටාක්ටිකාව සහ ඕස්ට්රේලියාව වැනි කලාප, එකල එකිනෙකට සම්බන්ධ වී එක් විශාල මහද්වීපය ලෙස පැවැතිණි. ‘ගොන්ඩ්වානා’ යනු එයයි.
෴ මල්මි පබසරා
