ඉන්දීය එන්නත අපනයනයට සූදානම් - මවිත : Mawitha.com : All the latest Sri Lanka and world breaking news and current affairs in Sinhala

Hot

Stay Safe

Classified_Ad_News_Top

Jan 19, 2021

ඉන්දීය එන්නත අපනයනයට සූදානම්

ඉන්දියාවේ නිෂ්පාදිත ‘කොවිඩ්-19’ එන්නත් අසල්වැසි රටවල් හයකට අපනයන කිරීම හෙට (20) ආරම්භ කරන බව එරට විදේශ අමාත්‍යාංශය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරයි.

 ඒ අනුව භූතානය, මාලදිවයින, බංග්ලාදේශය, නේපාලය, මියන්මාරය සහ සීෂෙල්ස් යන රටවලට හෙට (20) සිට එන්නත අපනයනය කරන බව ඉන්දීය විදේශ අමාත්‍යාංශය කියයි.

 අදාළ රටවලින් ඉදිරිපත් වූ ඉල්ලීම් සලකා බලමින් සහ ‘කොවිඩ්-19’ වසංගතයට එරෙහි මනුෂ්‍ය වර්ගයාගේ සටනට සහාය දීම සඳහා ඉන්දීය මෙලෙස කැපවී කටයුතු කරන බව ද අදාළ නිවේදනයේ දැක්වේ.

 ශ්‍රී ලංකාව, ඇෆ්ගනිස්තානය සහ මුරුසි දූපත්වලින් අදාළ නියාමනය අවසරය සහ තහවුරු කිරීම ලද විගස එම රටවල ද ‘කොවිඩ්-19’ එන්නත් අපනයනය කරන බව ද එම අමාත්‍යාංශය පවසයි.

 ඉන්දීය පුවත් සේවා ඇසුරිනි

Classified_Ad

Classified_Ad_News_Bottom