චීන නීති ජපානයට තර්ජනයක් - මවිත : Mawitha.com : All the latest Sri Lanka and world breaking news and current affairs in Sinhala

Stay Safe

Feb 23, 2021

චීන නීති ජපානයට තර්ජනයක්

sample-ad-complete-big
China-Costgurd
චීනයේ නව වෙරළාරක්ෂක නීති ජපානයට තර්ජනයක් බවත්, ඒවා සම්බන්ධයෙන් තමන් කනස්සල්ලෙන් පසුවන බවත් ජපානය පවසයි.

චීනය සකස් කළ නව වෙරළාරක්ෂක නීති අනුව, චීන මුහුදු සීමාවට අනවසරයෙන් ඇතුළුවන ඕනෑම යාත්‍රාවකට වෙඩි තැබීමට චීන වෙරළාරක්ෂක නිලධාරීන් කටයුතු කරනු ඇතැයි පැවැසෙයි. 

ඒ අනුව, ජපානයට අයත් ‘සෙන්කාකු’ දූපත අවට මුහුදේ යාත්‍රා කරන ජපානයට අයත් නාවික යාත්‍රාවලට චීන වෙරළාරක්ෂක නිලධාරීන්ගෙන් තර්ජනයක් එල්ල වනු ඇතැයි ජපාන රජය පවසයි. 

‘සෙන්කාකු’ දූපත පිහිටා ඇත්තේ චීන මුහුදේ චීනයට නුදුරිනි. මෙම දූපතේ අයිතිය සම්බන්ධයෙන් ජපානයත් චීනයත් අතර අර්බුද පවතී. නව වෙරළාරක්ෂක නීතියට අනුව, මෙම දූපතට යන එන නාවික යාත්‍රාවලට වෙඩි තැබීමට චීන වෙරළාරක්ෂක නිලධාරීන් කටයුතු කරනු ඇත.

ඒ.එෆ්.පී.

Classified_Ad