මිත්‍රත්වයට ඇති එකම බාධකය කාශ්මීරය - මවිත : Mawitha.com : All the latest Sri Lanka and world breaking news and current affairs in Sinhala

Hot

Stay Safe

Classified_Ad_News_Top

Mar 20, 2021

මිත්‍රත්වයට ඇති එකම බාධකය කාශ්මීරය

ඉන්දු පාකිස්තාන මිත්‍රත්වයට ඇති එකම බාධකය, කාශ්මීර අර්බුදය යැයි පාකිස්තාන අග්‍රාමාත්‍ය ඉම්රාන් ඛාන් පවසයි. 

ආගමික වශයෙන් බෙදී වෙන් වී සිටියත් ඉන්දියාව සහ පාකිස්තානය අතර, විරසකයක් ඇත්තේ කාශ්මීර පළාත මුල්කොට ගනිමින් බවත් අග්‍රාමාත්‍ය ඉම්රාන් ඛාන් පෙන්වා දී තිබේ. 

කාශ්මීර අර්බුදයට පැහැදිලි විසඳුමක් සෙවීමට හැකි නම්, ඉන්දියාවටත් පාකිස්තානයටත් තරහා වී සිටීමට හේතුවක් නැතැයි ද පාකිස්තාන අග්‍රාමාත්‍යවරයා අවධාරණය කර තිබේ. 

පාකිස්තාන අග්‍රාමාත්‍යවරයා මෙසේ අවධාරණය කළේ ඉස්ලාමාබාද් අගනුවර පැවැත්වෙන ‘ජාතික ආරක්ෂක සමුළුවට සහභාගී වෙමිනි. 

පාකිස්තාන හමුදාපති ජනරාල් කමාර් ජාවද් බජ්වා ඇතුළු හමුදා ජ්‍යෙෂ්ඨයන්, බුද්ධි අංශ නිලධාරීන් ඇතුළු බොහෝ දෙනෙක් මෙම සමුළුවට සහභාගී වූහ. සමුළුව දෙදිනක් තිස්සේ පැවැත්වෙයි. 

‘ඉන්දියාවත් පාකිස්තානයත් අතර එදිරිවාදිකම් පවතින්නේ ආගමික ප්‍රශ්නයක් නිසා නොවෙයි. කාශ්මීර පළාතේ අයිතිය සම්බන්ධයෙන්. ඒක බි්‍රතාන්‍යයෙන් නිදහස ලැබීමත් සමඟ නිර්මාණය වූ දේශසීමා අර්බුදයක්. කාශ්මීර අර්බුදයට පැහැදිලි සාර්ථක විසඳුමක් සොයන්න ඉන්දියාවට ඕනෑ කමක් නැහැ. අකාශ්මීර අර්බුදය සම්බන්ධයෙන් සාකච්ඡා කරන්න ඉන්දියාවට කොතරම් ඇරැයුම් කළත්, ඉන්දියාව ඊට කන් දෙන්නේ නැහැ.’යැයි ආරක්ෂක සමුළුව අමතමින් අග්‍රාමාත්‍ය ඉම්රාන් පැවැසීය. 

මේ අතර සමුළුව අමතමින් පාකිස්තාන හමුදාපති ජනරාල් කමාර් ජාවද් බජ්වා ද පවසා ඇත්තේ පැරැණි එදිරිවාදිකම් පසෙකළා ඉන්දියාව සමඟ යහපත් සබඳතා ඇති කර ගැනීමට පාකිස්තානය සූදානම් බවය. 

රොයිටර්

Classified_Ad

Classified_Ad_News_Bottom