වැඩි නින්ද හොඳ නෑ - මවිත : Mawitha.com : All the latest Sri Lanka and world breaking news and current affairs in Sinhala

Hot

Stay Safe

Classified_Ad_News_Top

Mar 7, 2021

වැඩි නින්ද හොඳ නෑ

නිරෝගී දිවියකට, සමබල ආහාර සහ සමබර ජීවන රටාව ඉතා වැදගත්ය. සමබල ආහාර ගැනීම, සමබර ජීවන රටාවකට යොමුවීම, උදේ සවස ජීවිතය වෙනුවෙන් සටනක යෙදෙන අපට පහසු කාර්යයක් නොවෙයි. 

නින්ද, නිරෝගී දිවියකට අත්‍යාවශ්‍යය. රාත්‍රියට පැය 8 ක් හෝ 9 ක් නිදා ගැනීම අනිවාර්යය. 

කෙසේ නමුත්, රාත්‍රියට පැය 9 කට වඩා නිදා ගැනීමත්, සවසට පැයකට වඩා වැඩි කෙටි නින්දකට යෑමත් සෞඛ්‍යයට අහිතකරය. 

මෙසේ පවසන්නේ චීනයේ ස්නායු රෝග සම්බන්ධයෙන් විශේෂඥ වෛද්‍ය කණ්ඩායමකි. නින්ද සම්බන්ධයෙන් මොවුන් කළ අධ්‍යයනයක වාර්තාවක් ‘නියුරෝලොජි’ නමැති වෛද්‍ය සඟරාවේ පළ වී ඇත.

චීන වෛද්‍ය කණ්ඩායම, ඔවුන්ගේ අධ්‍යයනය සඳහා නිරෝගී පුද්ගලයන් 31,750 දෙනකු සම්බන්ධ කර ගෙන තිබේ. 

ඔවුන් සැවොම 65 ට වැඩිය. වසර 6 ක් තිස්සේ මෙම පිරිස අධ්‍යයනයට ලක් කෙරුණේ, ඔවුන්ගේ ජීවන රටාව (විශේෂයෙන් නිදා ගැනීම සම්බන්ධයෙන්) දත්ත රැස් කරමිනි. 

සියයට 24 ක පිරිසක් රාත්‍රියට පැය 9 කට වඩා නිදා ගන්නා අතර, සියයට 8 ක්, සවස් කාලයේ විනාඩි 90 කට වඩා නිදා ගන්නා බව ඒ අනුව පැහැදිලි විය. රාත්‍රියේ පැය 9 ට වඩා නිදා ගන්නා සහ සවස් කාලයේ විනාඩි 90 කට වඩා නිදා ගන්නා 1,557 දෙනකු අඝාත තත්ත්වයන්ට ලක් වුණු බවත්, තවත් අය හෘදයාබාධවලට ලක් වුණු බවත් අනාවරණය විය. 

රාත්‍රියේ පැය 9 ට වඩා නිදා ගන්නා නමුත් දිනපතා සවස කෙටි නින්ද විනාඩි 30 කට සීමා වන අය හෘදරෝගවලට ලක්වීමේ ප්‍රතිශතය අඩු බව පැවැසෙයි. 

‘වැඩි නින්ද පමණක් නොවෙ අඩු නින්ද ද ඔබ රෝගී කරනවා. පැය 8 ට වඩා අඩුවෙන් රාත්‍රියේ නිදා ගන්නවා නම් හෝ එක දිගට පැය 8 ක් රාත්‍රියේ නිදා ගැනීමට නොහැකි නම්, එය ද ඔබේ සෞඛ්‍යයට අහිතකරයි’ යැයි චීන ස්නායු රෝග වෛද්‍ය කණ්ඩායම පෙන්වා දී තිබේ.

‘ද වීක්’ ඇසුරිනි

Classified_Ad

Classified_Ad_News_Bottom