එන්නත ගන්නා අයට නොමිලේ බියර් - මවිත : Mawitha.com : All the latest Sri Lanka and world breaking news and current affairs in Sinhala

Hot

Stay Safe

Classified_Ad_News_Top

Jun 5, 2021

එන්නත ගන්නා අයට නොමිලේ බියර්

'කොවිඩ් 19' හෙවත් නව කොරෝනා වයිරසයෙන් ආරක්ෂාවීමට නිපදවා ඇති එන්නත් ලබා ගන්නා අවුරුදු 21 ට වැඩි ඕනෑම අයකුට නොමිලේ බියර් ලබා දීමේ වැඩසටහනක් ආරම්භ කර ඇතැයි ඇමෙරිකන් ජනාධිපති ජෝ බයිඩන් පවසයි. 

මෙම වැඩසටහන ක්‍රියාත්මක වන්නේ ඇමෙරිකා නිදහස් දිනයට සමගාමීවය. ඇමෙරිකානුවන් නිදහස සමරන්නේ ජූලි 4 වැනිදාය. ප්‍රාන්ත ආණ්ඩුකාරවරුන්ගේ මැදිහත් වීමෙන් මෙම වැඩසටහන මේ වනවිට ආරම්භ වී ඇත. 

ජනාධිපති බයිඩන්ගේ ඉලක්කය වී ඇත්තේ, නිදහස් දිනය වනවිට ඇමෙරිකානු වැඩිහිටියන්ගෙන් සියයට 70 කට කොරෝනා ප්‍රතිශක්තිකරණ එන්නත් ලබා දීමටය. 

ඇමෙරිකාවේ අවුරුදු 12 සිට සියලු දෙනාට එන්නත් ලබා දෙයි. ඇමෙරිකානුවන්ට ප්‍රධාන වශයෙන් හිමිවන්නේ 'ෆයිසර්' සහ 'මොඩර්නා' එන්නත්ය. මෙම එන්නත් දෙකම ඇමෙරිකාවේ නිෂ්පාදනයකි. 

බොහෝ ඇමෙරිකානුවන්, විශේෂයෙන් කළු ජාතික ඇමෙරිකානුවෝ එන්නත් ලබා ගැනීමට මැලිකමක් දක්වති. ඇතැමුන්ගේ විශ්වාසය වී ඇත්තේ එන්නත හරහා කුඩා පරිගණක චිපයක් සිරුරට ඇතුළු කර, රජය තමන් පාලනය කිරීමට උත්සාහ ගන්නා බවටය. 

තවමත් කොරෝනා ආසාදිතයන් අතින් සහ මරණ අතින් ලොව ඉදිරියෙන්ම පසුවන්නේ ඇමෙරිකාවය. එසේ වුවත් වයිරස ව්‍යාප්තිය එන්නත්කරණ වැඩසටහන ඉදිරියේ පාලනය වී ඇති බව වසංගත රෝග මර්දන ඒකකය පවසයි. 

බයිඩන් පරිපාලනය කඩා වැටුණු ඇමෙරිකන් ආර්ථිකය යළි ගොඩ නැංවීමට බලාපොරොත්තු වෙයි. එය දැනටමත් ආරම්භ වී ඇතැයි බයිඩන් පවසා ඇත. 

මේ වනවිට ඇමෙරිකාවේ සංගීත සංදර්ශන සහ ක්‍රීඩා තරග ආරම්භ වී ඇති අතර, එන්නත් මාත්‍රා දෙකම ලබා ගෙන ඇති නම් පී.සී.ආර්. පරීක්ෂණයකින් පසු මුහුණු ආවරණ නොමැතිව ඒවාට සහභාගී විය හැකිය. එන්නත් ලබා නොගත් අය වෙනුවෙන් ද ක්‍රීඩා තරග පැවැත්වෙන අතර මුහුණු ආවරණ අනිවාර්ය වෙයි. එවැනි ක්‍රීඩා තරග අතරතුරේ නොමිලේ එන්නත් ලබා දීමක් ද සිදුවෙයි. 

එන්නත් ලබා ගන්නා අයට නොමිලේ කඩචෝරු, බියර් පමණක් නොව, ඊළඟ තරගය නැරඹීමට ප්‍රවේශපත් පවා ලබා දීම සිදුවෙයි‍.

CNN

Classified_Ad

Classified_Ad_News_Bottom