කළුකුමන්ලාට අභයදානය - මවිත : Mawitha.com : All the latest Sri Lanka and world breaking news and current affairs in Sinhala

Hot

Stay Safe

Nov 21, 2021

කළුකුමන්ලාට අභයදානය

වෛද්‍ය පරීක්ෂණය සඳහා රෝහල්ගතවීමට පෙර, මරණයට කැපවුණු කළුකුමන් දෙදෙනකුට අභයදානය පිරිනැමීම ඇමෙරිකන් ජනාධිපති ජෝ බයිඩන්ගේ ප්‍රධානත්වයෙන් සිදුවිය. 

ඇමෙරිකානුවන්ගේ තුති පුද කිරීමේ දිනය දා රාත්‍රී භෝජන සංග්‍රහයේ අනිවාර්ය අංගය රෝස්ට් කළ කළුකුම් මස් ය. ඒ අනුව, සෑම වසරකම ඇමෙරිකන් ජනාධිපතිගේ මැදිහත් වීමෙන් තුති පුද කිරීමේ නිවාඩු දිනයට පෙර, කළුකුමන් දෙදෙනකුට අභයදානය හිමිවෙයි. එය ඇමෙරිකාවේ සම්ප්‍රදායකි. 

ජෝ බයිඩන් ඇමෙරිකා ජනාධිපති ලෙස කළුකුමන්ට අභියදානය දුන් පළමු අවස්ථාව මෙයයි. අභයදානය දීමේ සාම්ප්‍රදායික උත්සවය පැවැත්වූයේ ධවල මන්දිරයේ 'රෝස් ගාඩ්න්' උද්‍යානයේදීය.

අභයදානය ලැබුවේ 'පීනට් බටර්' සහ 'ජෙපි වොන්' නමැති කළුකුමන් දෙදෙනාය. අභයදානය හිමිවුණු කළුකුමන්ලා දෙදෙනා නිදහසේ ජීවත් වීමට ඉන්දියානා ජනපදයේ, පර්ඩූන් විශ්ව විද්‍යාලයට අයත් ගොවිපොළට යැවීම සිදුවෙයි.

෴ උපුටා ගැනීම - CNN

Classified_Ad