ඇන්ඩෲ කුමරුන්ට නඩු - මවිත : Mawitha.com : All the latest Sri Lanka and world breaking news and current affairs in Sinhala

Hot

Stay Safe

Classified_Ad_News_Top

Jan 20, 2022

ඇන්ඩෲ කුමරුන්ට නඩු

ඇන්ඩෲ කුමාරයා නැතහොත් යෝක් ආදිපාදවරයා ගැන දන්නවාද? ඔහු දෙවැනි එලිසබත් මවු රැජිනගේ දෙවැනි පුත්‍රයාය. මවු රැජිනගේ දරුවන් තිදෙනාගෙන් තුන්වැනියාය. බ්‍රිතාන්‍ය කිරීටයට උරුමකම් කියන 9 වැනියාය. කලක් බ්‍රිතාන්‍යයේ 'ප්ලේබෝයි කුමරු' ලෙස ඇන්ඩෲ කුමරු හැඳින්විණි. 

ඒත් අද ඔහු අපකීර්තියබට පත් වූ තැනැත්තෙකි. බාලවයස්කාර දැරියක් අපයෝජනයට ලක් කළේ යැයි ඇන්ඩෲ කුමරුන්ට චෝදනා එල්ල වී ඇත. මෙය සිදුවී ඇත්තේ 2001 වසරේදීය. එදා ඇන්ඩෲ කුමරුන්ගේ ගජ මිතුරා වූයේ ඇමෙරිකන් ධන කුවේරයකු ද වූ ජෙෆ්රි එප්ස්ටීන් ය.

එප්ස්ටීන් ලිංගික වහල් සේවයක් පවත්වාගෙන ගියේ යැයි චෝදනා ලැබූවෙකි. එප්ස්ටීන් සමඟ පැවැති සමීප මිතුදම් නිසා තමන් අමාරුවේ වැටුණු බව ඇන්ඩෲ කුමරු ද ප්‍රසිද්ධියේ පිළිගෙන තිබේ. ලිංගික අපරාධ සම්බන්ධයෙන් වරදකරු වුණු ජෙෆ්රි එප්ස්ටීන් බන්ධනාගාරගතව සිටිද්දී දිවි නසා ගත්තේය. ඒ, 2019 වසරේදීය. ඇන්ඩෲ කුමරුන්ට 17 හැවිරිදි කෙල්ලක ලබා දී ඇත්තේ එප්ස්ටීන්ය. 

එම තැනැත්තිය වර්ජිනියා ජෆේ වන අතර අද ඇගේ වයස 38 කි. ඇන්ඩෲ කුමරුන්ගේ වයස අවුරුදු 40 කි. එල්ල වන සියලු චෝදනා ඔහු ප්‍රතික්ෂේප කරයි. කෙසේ නමුත් වර්ජිනියා ජෆේ නිහඬ කිරීමට, 2009 වසරේ දී, කුමරු ඩොලර් 500,000 ක මුදලක් ලබා දී ඇති බව මේ වනවිට ප්‍රසිද්ධ රහසකි. 

කෙසේ නමුත් දැන් එම චෝදනා යළි කරළියට පැමිණ තිබේ. වර්ජිනියා ජෆේ, නිව්යෝක් නුවර අධිකරණයක් මගින් සිවිල් නඩුවක් ගොනු කර තිබේ. ඒ, පසුගිය 2021 අගෝස්තු මාසයේදීය.
වර්ජිනියා ජෆේ ඇන්ඩෲ කුමරුන් සමඟ සිටින මීට වසර ගණනාවකට පෙර ගත් ඡායාරූපයක්. වර්ජිනියා ජෆේ සහ ඇන්ඩෲ කුමරුන් අසලින් සිටින්නේ ග්ලෙන් මැක්ස්වෙල් ය. පහළින් සිටින්නේ අවුරුදු 20 කට පසු (වමේ) වර්ජිනියා ජෆේ සහ (දකුණේ) ඇන්ඩෲ කුමරුන් ය.

'එයා දන්නවා එයා මට කළේ මොනවද කියලා. කළ වරදට එයාට දඬුවම් දෙනවාද නැද්ද අධිකරණය තීරණය කරාවි' යැයි වර්ජිනියා ජෆේ, මාධ්‍ය හමුවේ පවසා තිබේ. මේ වනවිට වර්ජිනියා ජෆේ ඇන්ඩෲ කුමරු සහ එප්ස්ටීන්ගේ පෙම්වතිය යැයි පැවැසෙන ග්ලෙන් මැක්ස්වෙල් එකට සිටින පැරැණි ඡායාරූප පුවත්පත්වල පළ වී තිබේ. 

ඇන්ඩෲ කුමරු සමඟ ලිංගික සබඳතාවක් පවත්වා ගෙන යෑමට වර්ජිනියා ජෆේ යොමු කළ බව පැවැසෙන්නේ මැක්ස්වෙල්ය. මැක්ස්වෙල් ද ඇයට එල්ල වී ඇති චෝදනා සම්බන්ධයෙන් වරදකාරිය වී සිටී. දැන් ඇන්ඩෲ කුමරුන්ගේ අවස්ථාවය. 

ඇන්ඩෲ කුමරුන්ගේ උපත සිදුවී ඇත්තේ 1960 පෙබරවාරි 19 වැනිදාය. මේ වනවිට ඔහුගේ වයස අවුරුදු 61 කි. ඇන්ඩෲ කුමරුන්ගේ බිරිඳ වූයේ සාරාය. දෙදෙනාගේ විවාහය පැවැතියේ 1986 සිට 1996 දක්වාය. 

ඇන්ඩෲ කුමරුන්ට බියෙට්‍රිස් සහ යූජීන් නමින් කුමරියන් දෙදෙනෙකි. ඇන්ඩෲ කුමරුන්ට මුණුපුරෙක් සහ මිණිපිරියක් සිටිති. ඇන්ඩෲ කුමරු වසර 22 ක් බ්‍රිතාන්‍ය හමුදා නිලධාරියකු ලෙස කටයුතු කර ඇති අතර, ඔහු ප්‍රහාරක හෙලිකොප්ටර් යානා නියමුවෙකු ද වෙයි. 

 ලිංගික අපහරණ චෝදනා සම්බන්ධයෙන්, සිවිල් නඩුවට මුහුණ දෙන බැවින්, ඇන්ඩෲ කුමරුන් ඔහුට හිමි සියලු රාජකීය සහ හමුදා තනතුරුවලින් ඉවත් කිරීමට, මවු රැජින වන එලිසබත් මහ රැජින පසුගිය දා තීරණය කළාය.

රාජකීය සහ හමුදා තනතුරවලින් ඉවත් කිරීමට සිදුවන බව දැනුම් දුන් අවස්ථාවේදී, ඇන්ඩෲ කුමරු මවු රැජිනගේ තීරණයට කිසිදු විරෝධයක් නොදක්වා ඊට හිස නැමූ බව බ්‍රිතාන්‍ය මාධ්‍ය වාර්තා කළේය. 

 නිව්යෝක් නුවර පැවැත්වෙන නඩු විභාගය සඳහා පෙනී සිටීමට ඇන්ඩෲ කුමරුන්ට සිදුවුවහොත් ඇය ඇමෙරිකා බලා යාවිද? නැද්ද? සම්බන්ධයෙන් මෙතෙක් කිසිවක් වාර්තා වී නැත. ඇන්ඩෲ කුමරු නිව්යෝක් අධිකරණයේ සිටියත් නැතත් ඇයට විරුද්ධව හෝ පක්ෂය තීන්දුවක් ලැබෙනු ඇත.

෴ උපුටා ගැනීම - Daily Mail 

Classified_Ad

Classified_Ad_News_Bottom