සිරවුණු ශ්‍රී ලාංකිකයන් ගෙන්වා ගැනේ - මවිත : Mawitha.com : All the latest Sri Lanka and world breaking news and current affairs in Sinhala

Hot

Stay Safe

Classified_Ad_News_Top

Jan 2, 2021

සිරවුණු ශ්‍රී ලාංකිකයන් ගෙන්වා ගැනේ

වීසා නොමැතිව ලෙබනනයේ රැදී සිටි ශ්‍රී ලාංකිකයන් 70 දෙනෙකු අදාළ දඩ මුදලින් නිදහස් කොට, යළි ශ්‍රී ලංකාවට එවීමට ලෙබනන් රජය පියවර ගෙන තිබේ.

ලෙබනන් රජය සමඟ ලෙබනනයේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලය පැවැති සාකච්ඡාවකින් පසු මෙම ලාංකික ශ්‍රමිකයින් දඩ මුදල් ගෙවීමකින් තොරව ගෙන්වා ගැනීමට කටයුතු යෙදුණු බව වාර්තා වේ.

ලෙබනනයේ ශ්‍රී ලංකා තානාපති ශානි කල්‍යාණරත්න කරුණාරත්න මහත්මිය සහ සියලු තානාපති කාර්යාල කාර්යය මණ්ඩලය එක්ව රාෆික් හරිරි ගුවන් තොටුපලේ දී මෙම ශ්‍රි ලාංකිකයන් නැවත මෙරටට ගෙන්වා ගැනීමේ ක්‍රියාවලිය සඳහා පහසුකම් සපයනු ලැබූ අතර ජනාධිපති ලේකම් කාර්යාලය, ශ්‍රී ලංකා විදේශ අමාත්‍යාංශය සහ ශ්‍රී ලංකන් ගුවන් සේවය ඊට දායකත්වය දැක්වීය.

මෙම පිරිස ශ්‍රී  ලංකන් ගුවන් සේවයේ UL 554 වාණිජ ගුවන් යානය මඟින් ඉකුත් දා දිවයිනට පැමිණියේය.

ලෙබනනයේ විදේශ කටයුතු හා සංක්‍රමණික අමාත්‍යාංශය, කම්කරු අමාත්‍යාංශය, සාමන්‍ය  ආරක්ෂක අධ්‍යක්ෂ ජනරාල් කාර්යාලය (ආගමන දෙපාර්තමේන්තුව) සහ බේරූට් හි රෆික් හරිරි ජාත්‍යන්තර ගුවන්තොටුපලේ සිවිල් ගුවන් සේවා අධ්‍යක්ෂ ජනරාල් කාර්යාලයේ ද සහාය මේ සඳහා හිමිවිය.

Classified_Ad

Classified_Ad_News_Bottom