වෙබ් අඩවිය අලුත් වෙලා - මවිත : Mawitha.com : All the latest Sri Lanka and world breaking news and current affairs in Sinhala

Hot

Stay Safe

Classified_Ad_News_Top

Jan 3, 2021

වෙබ් අඩවිය අලුත් වෙලා

ශ්‍රී ලංකා තානාපති කාර්යාල නිල වෙබ් අඩවිය අලුත් වෙලා 

තායිලන්තයේ බැංකොක් අගනුවර ශ්‍රී ලංකා තානාපති කාර්යාලය සිය නව නිල වෙබ් අඩවිය https://bangkok.embassy.gov.lk/ පසුගිය දා ආරම්භ කළේය.

නවීකරණය කළ වෙබ් අඩවිය ශ්‍රී ලංකාව සහ තානාපති කාර්යාලයේ සේවාවන් පිළිබඳ පුළුල් පරාසයක තොරතුරු ලබා ගැනීම සඳහා පරිශීලක හිතකර ප්‍රවේශයක් ලබා දෙනු ඇතැයි බැංකොක් හි ශ්‍රී ලංකා තානාපති කාර්යාලය පැහැදිලි කරයි.

අදාළ තොරතුරු අන්තර්ජාලය හරහා ලබා ගැනීමේ දී උපරිම නම්‍යශීලී බවක් සහ කාර්යක්ෂමතාවයක් අත්විඳීමට විදේශීය ශ්‍රී ලාංකිකයන්ට, අනාගත සංචාරකයන්ට සහ ආයෝජකයන්ට හැකිවනු ඇතැයි ද ශ්‍රී ලංකා තානාපති කාර්යාලය පෙන්වා දෙයි.

පශ්චාත් කොවිඩ්-19 සමයේ, සංචාරක කටයුතු හා අපනයන අංශ කඩිනමින් යථා තත්ත්වයට පත් කිරීම සඳහා වන රජයේ ප්‍රවේශයට සහය දැක්වීම පිණිස, දූත මණ්ඩලයේ නව නිල වෙබ් අඩවියෙහි තායි භාෂාවෙන් ශ්‍රී ලංකාව පිළිබඳ සංචාරක තොරතුරු සපයන කොටසක් ද වෙබ් අඩවියට ඇතුළත්ය.

තායි-ශ්‍රී ලංකා රාජ්‍යතාන්ත්‍රික සබඳතාවල 65 වැනි සංවත්සරය සමරමින් බැංකොක් නුවර දී දියත් කරන ලද ‘බෞද්ධ මං පෙත සංචාරක ක්ශුද්‍ර වෙබ් අඩවියේ’ තායි අනුවාදය සමඟ ද එය සම්බන්ධ කර ඇත.

‘ශ්‍රී ලංකාවේ නිෂ්පාදන’ සහ ‘ශ්‍රී ලංකාවේ ආයෝජනය’ යන කැටගරි ඔස්සේ ආයෝජන සම්බන්ධයෙන්, අනාගත ආයෝජකයන් සහ ව්‍යාපාර සඳහා මාර්ගෝපදේශ, නිෂ්පාදන විස්තර, ප්‍රයෝජනවත් සම්බන්ධතා ආදිය අඩංගු කොටස් ද ඇතුළුව, ශ්‍රී ලංකාවේ පවතින ව්‍යාපාරික අවස්ථා පිළිබඳ තොරතුරු ලබා ගැනීම කළ හැක.

තානාපති කාර්යාලය සඳහා කැපවී කටයුතු කිරීම සහ සහයෝගය ලබා දීම සම්බන්ධයෙන් විදේශ අමාත්‍යාංශයේ තොරතුරු තාක්ෂණ අංශයේ පරිපාලනයට සහ ‘පීඑම්ජීඑස් ඩිජිටල් මාර්කටිං’ හි වෙබ් නිර්මාණකරුවන්ට දූත මණ්ඩලයේ ස්තූතිය පුද කර ඇත.

බැංකොක් හි ශ්‍රී ලංකා තානාපති කාර්යාලය, සිය අමුත්තන්ගේ අදහස්/දැක්ම අගය කරන අතර, එය ශ්‍රී ලංකාව පිළිබඳ සිත්ගන්නා සුළු හා ප්‍රයෝජනවත් අන්තර්ජාල පිවිසුමක් වනු ඇතැයි ද, බැංකොක් අගනුවර ශ්‍රී ලංකා තානාපති කාර්යාලයෙන් සේවා ලබා ගැනීම සඳහා පහසුකම් සපයනු ඇතැයි ද අපේක්ෂාව වී තිබේ. 

Classified_Ad

Classified_Ad_News_Bottom