කොරෝනා පොකුරට අලුත් නමක් - මවිත : Mawitha.com : All the latest Sri Lanka and world breaking news and current affairs in Sinhala

Stay Safe

Apr 30, 2021

කොරෝනා පොකුරට අලුත් නමක්

sample-ad-complete-big
WireAP_bce0a16eda024b3d9aeb4785fa6e9a01_16x9_992
අලුතින් වාර්තා වන කොවිඩ් ආසාදිතයින් 'අලුත් අවුරුදු කොවිඩ් පොකුර' ලෙස නම් කිරීමට රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව කටයුතු කර තිබේ. 

ඒ අනුව ඊයේ (29) දින සවස රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව විසින් නිකුත් කරන ලද කොවිඩ් ආසාදිතයින් පිළිබඳ තොරතුරු දැක්වීමේ දී එම නම ප්‍රථම වරට භාවිත කර තිබුණි. 

මීට පෙර කොවිඩ් ආසාදිතයින් වාර්තා වීමේ දී දිවුලපිටිය, පෑලියගොඩ මාළු වෙළෙඳපොළ, බන්ධනාගාර ආදී වශයෙන් පොකුර නම් කර තිබුණි.

මේ අතර, විදෙස්ගතව සිට මෙරටට පැමිණෙන පුද්ගලයින්ගේ නිරෝධායන කාල සීමාව දිර්ඝ කිරීමට සැලසුම් කර ඇති බව සෞඛ්‍ය අමාත්‍යාංශය නිකුත් කළ නිවේදනයක දැක්වෙයි.

එම අමාත්‍යාංශයේ මහජන සෞඛ්‍ය පිළිබඳ නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය එස්.එම් ආනල්ඩ් මහතා ප්‍රකාශ කළේ, විදෙස්ගතව සිට පැමිණෙන පුද්ගලයන් අතරින් ආසාදිතයින් හඳුනාගැනීමට එය ඉවහල් වනු  ඇති බවය.

''ඉදිරියේ දී විදෙස් රටවලින් පැමිණෙන පිරිස් සඳහා වන නිරෝධායන කාල සීමාවන් බොහෝදුරට වැඩිවීමට ඉඩ තියෙනවා. ඒ සම්බන්ධයෙන් අපි දැන් කටයුතු කරගෙන යනවා. එයින් බලාපොරොත්තු වෙන්නේ විදෙස් රටවලින් යම් ආසාදිතයෙක් ඇතුළු වුවහොත් එම නිරෝධායන කාල සීමාව තුළ හඳුනාගැනීම සඳහා අවශ්‍ය කාලය ලබාගැනීමයි.''

සෞඛ්‍ය අංශ විසින් නියම කර ඇති කොවිඩ් මර්දන මාර්ගෝපදේශ සඳහා ජනතාව අනුගත නොවන්නේ නම් දිවයිනටම බලපැවැත්වෙන පරිදි සංචරණ සීමා පැනවීමට සිදුවන බවද විශේෂඥ වෛද්‍ය එස්.එම් ආනල්ඩ් මහතා පැහැදිලි කර තිබේ.

Classified_Ad